Menu

රජයේ සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

4 weeks ago 581

රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නොවන බවත්, ජනතාව අපේක්ෂා කරන නව දියුණුව උදෙසා ගන්නා ඕනෑම නි බැරදි හා යහපත් තීරණයක් සම්බන්ධයෙන් රජය ඔවුන්ට සහය පිටපෙනී සිටින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පවසනවා.

2025 අයවැයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කර ඇති අතර, මෙම අරමුදල් ජනතාවගේ අවශ්‍යතා සඳහා ඵලද‍ායී ලෙස යොදා ගැනීම සාමූහික වගකීමක් ලෙස සැලකිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.ජනතාව අපේක්ෂා කරන නව වෙනසට ළඟා වීමට නම්, අනිවාර්යයෙන් ම ප්‍රතිපාදන වියදම් කළ යුත්තේ කවර ව්‍යාපෘති සඳහා ද, එම යෙදවීම කොතෙක් දුරට ඵලදායිද, ඒවා අපේක්ෂිත කාර්යය සාධන මට්ටමට පැමිණිය හැකි ව්‍යාපෘති ද යන්න ආදිය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *