Menu

අමෘත්තය තියෙන්නෙ ඔයාගේ ගෙවත්තෙමයි – මේ පානයන් ගත්තොත් හැමදාටම තරුණ වෙලා ඉන්න පුලුවන් කියලා දැනන් හිටියද

1 year ago 175

අපි කවුරුවත් කැමැති නැහැ වයසට ගිහින් ජරාජීර්ණ තත්ත්වයෙන් ඉන්න

හැමදාටම තරුණ පෙනුමක් ඇතිව ඉන්න අප ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි නේද? නමුත් අද අපි කතා කරන්නේ එහෙම ආයාසයෙන් තමන්ගෙ තරුණ බව රැකගන්න කරන්න ඕනෑ දුෂ්කර ක්‍රියා මාලාවක් ගැන නම් නෙවෙයි.

මේක බොහොම සරළ දෙයක්, උපදෙස් මාලාවක්.

ඒ නිසාම විවිධ නොගැළපෙන බටහිර ප්‍රතිකාර කරන්න ගිහින් ගොඩක් දෙනෙක් තියෙන පෙනුමත් නැති ගෙන, විවිධ රෝගාබාධවලට ලක්වෙන අවස්ථා තියෙනවා.

පෙති වර්ග, ඉන්ජෙක්ෂන් වගේ දේවල් නිසා විකෘති හමක්, විකෘති මුහුණක් ඇතිකර ගන්න අවස්ථා බොහොමයි. මේවා කෘත්‍රිම නිසාම නොගැළපෙනවා. නමුත් දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලදී ඊට එහා ගිය ස්භාවික සත්කාර රැසක් තියෙනවා. බොහෝ අය ඒ ගැන දන්නේ නෑ.

හෙළ වෙදකම ඊට සාක්‍ෂි දරනවා. තරුණ පෙනුමෙන් ජීවත් වෙන්න හෙළ වෙදකමේ පානයන් කිහිපයක්ම පෙන්වා දීලා තිබෙනවා. ඒවා මෙහෙමයි.

බෙලි පානය

බෙලි ගසෙහි පස් පංගුවම ඉතාම ගුණදායකයි. ඉදුණු පසු මදයේ මැලියම් ගතිය ඉවත් කරලා, පොඩි කරලා, අවශ්‍ය ප්‍රමාණයට සීනි හා ලු‍ණු මෙන්ම දෙහි යුෂ ස්වල්පයකුත් එකතු කර රසවත් මෙන්ම ගුණදායක පානය සකසා ගන්න. එය හිස් බඩ උදේම පානය කිරීම මගින් ශරීරය සිසිල් කරවනවා. එය දීර්ඝායු වඩවන තරමට බලවන්ත ඔසුවක්. පානයක්.

සියඹලා පානය

ඉදුණු සියඹලා ඇට ඉවත් කර ගෙන මදය හොඳින් පොඩිකර ගන්න. එම බොරවලට සීනි, ලු‍ණු, කුරුඳු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් එකතු කර පානයක් සකසා ගන්න. මෙය ආහාර රුචිය වඩවනවා. ඒ වගේම කුසගිනි ඇති කරනවා. අධික රුධිර පීඩනය ඇති අයටත් ඉතාමත් ගුණයි. මලපහ වීම හොඳින් සිදුකරන නිසා ශරීරයේ සැහැල්ලු‍ බවක් දනවනවා. විටමින් සී අඩු අයට දෙහි යුෂ ස්වල්පයක් සියඹලා බොර සමඟ එකතු කර බීම වඩාත් සුදුසුයි.

වදමල් පානය

පැරැන්නන් මෙය ඖෂධීය බලවන්ත පානයක් විදිහට යොදා ගත්තා. එය ඉතා සරල ආකාරයට සකසා ගත්තා. උතුරුවා ගත් වතුර වීදුරුවකට හොඳින් සෝදාගත්ත වදමල් දමා වසා තබන්න. ටික වෙලාවක් යද්දී ජලය වද මලේ පැහැයට හැරේවි. ඉන්පසු භාජනයෙන් වදමල් ඉවතට ගන්න. සීනි දමා කලතා පානයට ගන්න පුලුවන්.

ඕනෑ නම් ලු‍ණු, දෙහි ස්වල්පයක්, කස ඇට ටිකකුත් එකතු කරගෙන සරුවත් වගෙත් හදාගන්නත් පුළුවන්. සිරුරට නව ජීවයක් ලබාදේවි. මෙය ඇත්තටම ලේ පිරිසුදු කරන ඖෂධීය ගුණයෙන් පරිපූර්ණයි.

නෙල්ලි පානය

තිත්ත, ඇඹුල්, කහට සහ පැණි රසයෙන් යුතු නෙල්ලි වර්ග ගොඩක් තියෙනවා. ඒ සියල්ලම ඉතා ගුණයි. ස්වාභාවිකවම නෙල්ලිවලින් පානය තමන්ට සකසා ගැනීම හොඳයි. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත් කරගෙන ජලය ස්වල්පයක් දමා අඹරා ගන්න. මේ ඉස්ම ගතියට වතුරත් සීනිත්
එකතු කර පානයක් වශයෙන් හදාගෙන බොන්න. සිසිල් කර ගත්තොත් ඊට වඩා රසවත් වේවි.

මෙම පානය උදරාබාධ නැති කරනවා. ආමාශ ගත අම්ල පිත් දෝෂ, ශරීරයේ විස සහිත බව, සෙම් රෝගවලට මෙය දිව්‍ය ඖෂධයක්. නිතර පානය කළොත් සම පැහැපත් වේවි. අකාලයේ වයසට යෑම නවතීවි. ඇස්වලටත් ඉතාම ගුණයි. පෙනුම එන්න එන්නම වැඩි කරාවි.

රසකිඳ පානය

රසකිඳ කියන්නෙ වැල් වර්ගයක්. පහසුවෙන් බෝ කරගන්නත් පුළුවන් පැලෑටියක්. රසකිඳ වැල් කොටස් විදිහට කපා ගන්න. ඒවා වියළා ගෙන කල් තබාගෙන වුණත් පානයක් විදිහට කලවම් කර හදාගෙන බොන්න පුළුවන්. ඕනෑ වෙලාවට වියළා ගත් රසකිඳ තම්බාගෙන පානයට ගන්න පහසුයි.

මෙම පානය රක්තවාතය, හන්දිපත් රුදා දුරු කරනවා. ලේ දෝෂ නැති කරනවා. සමේ රෝග නැති කර අමාශගත රුධිරයේ ආම්ලිකතාව සමනය කරයි. අර්ශස්, හෘදය වස්තුවේ දුර්වලතා, ශරීරයේ දැවිල්ල ගතියට ඉතා ගුණයි.

ඉරමුසු පානය

වැල් වර්ගයක් නිසා ඒවා ගලවා ගෙන කපා කැබැලි කර සෝදා වේළා තබාගන්න. ඒවා වියළි බඳුනකට අවශ්‍ය විට ඒවා දමා තම්බා පානයට ගන්න. කිතුල් හකුරුත් සමඟ තේ පානයක් හා සමානව ගන්නත් පුළුවන්. කසඇට, සීනි දමා සරුවත් වගේ හදාගෙන සිසිල් කර තියාගෙන බොන්නත් පුළුවන්.

මෙම පානය ලේ පිරිසුදු කරයි. කිරිදෙන මවුවරුන්ට ඉතා ගුණයි. දියවැඩියා රෝගීන්ට ඊටත් වඩා ගුණයි. මුත්‍රා දැවිල්ල ගතිය දුරු කරයි. හිසකෙස් වඩන්න ගුණදායකයි. ශරීරයේ පෙනුම වඩවනවා. සැහැල්ලු‍වක් ඇති කරනවා. එනිසා ඔය කවුරුත් කියන පළියට රූපලාවණ්‍ය කියලා අතේ තියෙන මුදලු‍ත් වැය කරගෙන ඔබ දුෂ්කර ක්‍රියා කළ යුතු නැහැ. මෙන්න මේවා තමයි හැමදාම තරුණ වෙලා ඉන්න හොඳම මාර්ගය.

  • උපුටා ගැනීමකි.
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *