Menu

දරුවාට මව්කිරි නොලැබුණොත් වෙන්න පුලුවන් භයානක දෙයක් ගැන අනාවරණයක්

1 year ago 45

මව්කිරි පමණක් ලබාගන්නා ළදරුවන්ට සාපේක්ෂව, මව්කිරි නොලබන දරුවන් ඔවුන්ගේ පළමු උපන්දිනයට පෙර ජීවිතක්‍ෂයට පත්වීමේ සම්භාවිතාව 14 ගුණයකින් ඉහළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

මව්වරුන්ට වැටුප් සහිත මාතෘ නිවාඩු ද, මව්කිරි දීම සඳහා අතරමැදි විවේකයන් ද, රැකියා ස්ථානයේ දී මව්කිරි දීමට හෝ දෙවීමට හැකි කාමරයක් ද ලබාදෙන්නැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියි.

මව්කිරි ලබාදෙන අතරේදී කෑමට නොසුදුසු ආහාර නොමැති නමුත්, මව්කිරිවල නියමම සංයුතියට ආහාර වේලෙන් බලපෑමක් සිදුවේ.

කාන්තාවක් මව්කිරි දීමෙන් වැළකිය යුතු එකම අවස්ථාව වන්නේ එච්අයිවී හෝ හෙපටයිටිස් ආසාදිතයෙකුවීමයි. ඒ එම වෛරස මව්කිරි හරහා සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පැවතීමයි.

බොහෝ අවස්ථාවන්වලදී, මව රෝගීවුණත් දිගින් දිගටම මව්කිරි දෙන එක ආරක්‍ෂිතයි. මොකද මවගේ සිරුරෙන් නිපදවන ප්‍රතිදේහවලින් ඔවුන්ගේ අලු‍ත උපන් ළදරුවාත් ආරක්ෂාවන බැවිනි.

දරුවෙකුගේ රෝගයක් මව්කිරි හරහා මවගෙන් ලැබුණු රෝගයක් වෙන්නේ ඉතාම කලාතුරකින්ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *