Menu

ස්මාර්ට් ෆෝන්වලට විවේකයක් දෙන්න, “බාර්බි” හඳුන්වාදුන් නවතම දුරකථනය මෙන්න – මෙය ඔබවත් සරල කරවාවි

1 year ago 59

එක්සත් රාජධානියේ, ‘බාර්බි සන්නාමය‘ සහිත දුරකථනයක් හඳුන්වා දී තිබේ.

රෝස පැහැති, කුඩා ප්‍රමාණයේ, මෙම හුරුබුහුටි දුරකථනය මූලිකම උපාංගවලින් පමණක් සමන්විත වන බවයි වාර්තා වන්නෙ.

ඉදිරිපස කැමරාවක් නොමැති එහි එක් දුරකථන ක්‍රීඩාවක් සහ සීමිත අන්තර්ජාල ප්‍රවේශයක් ඇති බව නිෂ්පාදකයින් පවසයි.

මෙවන් හඳුන්වාදීමක මූලිකම අරමුණ, ‘තරුණයින්ට ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන්වලින් විවේකයක් ගැනීමට උපකාර කිරීම‘ වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Nokia සඳහා දුරකථන නිපදවන නිෂ්පාදක HMD, පෙන්වා දෙන්නේ සිය ජීවිතවලට කුඩා ඩිජිටල් බලපෑමක් අවැසි පුද්ගලයින් මෙම දුරකථනය තෝරාගනු ඇති බවටයි.

එමෙන්ම මෙම දුරකථනය දරුවන්ගේ භාවිතය සඳහා ද වඩා යෝග්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *