Menu

කුඩු අල්ලන්න ගිය රාලහාමිලා තුන්දෙනාම කුඩු ගහලා – අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් එළියට

1 year ago 37

කුඩු ජාවාරම්කරුවකුගේ නිවසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනකු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට තහවුරුව ඇතැයි කළුතර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කලේය.

මතුගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් නිලධාරින් තිදෙනකු මෙලෙස
අත්අඩංගුවට ගෙන තිබුණි.

මත්කුඩු අලෙවි කරන බවට ප්‍රසිද්ධ වැලිපැන්න, කෝපියවත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක සැක කටයුතු අන්දමින් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත රාත්‍රි ජංගම සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.

සැකකාර පොලිස් නිලධාරින් තිදෙනා රැඳී සිට ඇත්තේ මත් කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය වෙමින් සිටියදී පලාගිය පුද්ගලයකුගේ නිවසේ සිටියදී බවත් නිවෙස් හිමියා ද ඉදිරි විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරින් තිදෙනා මතුගම පොලිසියේ සාමාන්‍ය රාජකාරියේ නියුතුව සිටින බවත් ඔවුන් ශරීරයේ පච්ච කොටාගෙන පොලිස් නිලධාරීන්ට උචිත නොවන පරිදි හැසිරී ඇති බවත් හෙළිවේ.

විමර්ශනය කර අනාවරණය වූ තොරතුරු මත නීතිමය පියවර සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *