මීට වසර 100,000කට පෙර විසූ හෝමෝ සේපියන් මානවයන්ගේ මොළයට වඩා නූතන මිනිසාගේ මොළය සියයට 13%කින් පමණ කුඩා බවට සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.
නමුත් ඊට හේතුව කුමක්ද යන්න පර්යේෂකයින්ට තවමත් ප්‍රහේලිකාවක් වී ඇත.
සාමාන්‍යයෙන් මිනිසාගේ මොළය විශාල ලෙස හැඳින්වෙන අතර එය පෘථිවියේ වාසය කරන අනෙක් සත්ත්ත්වයින්ට වඩා සුවිශේෂි ලෙස සැළකෙන්නේ චින්තනය සහ නවෝත්පාදනය සඳහා මිනිසාට ඇති හැකියාව නිසාවෙනි.
එම හැකියානේ සිදුකල හැකි දෑ බොහෝයි.
ඒ අනුව නිසැකවම, අනෙකුත් සතුන් සමඟ සසඳන විට, මිනිසාගේ මොළය විශාලයි.
නමුත් මිනිසාගේ මොළය සම්බන්ධයෙන් සිදුකළ විවිධ අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ වර්තමානයේ මිනිසාගේ මොළය කුඩා බවටයි.
එම ප්‍රවණතාවය හෝමෝ සේපියන්ස් මානවයන් හා සසඳන විට ආපසු හැරවීමක් ලෙස සැළකිය හැකි බව පර්යේෂකයින්ගේ අදහසවේ.
2023 වර්ෂයේ අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ සිදුකළ අධ්‍යයනයකදී මේ බව අනාවරණ වී ඇත.
එහිදී ආසියාවේ, යුරෝපයේ සහ අප්‍රිකාවේ විවිධ කාලවලදී ජීවත්වූ මිනිසුන්ගේ මොළය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති අතර මොළයේ ප්‍රසාරණය වේගවත් වන බවද ඔවුන් විසින් සොයාගෙන තිබේ.
ඒ අනුව වර්තමාන පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ හිස් කබල අවසන් අයිස් යුගයේ ජීවත් වූ හෝමෝ සේපියන් මානව වර්ගයේ හිස් කබලට වඩා සාමාන්‍යයෙන් 12.7%කින් කුඩා ප්‍රමාණයක් ගනී.
පිරිමින්ගේ මොළය, කාන්තාවන්ගේ මොළයට වඩා 11%කින් විශාලය.
කෙසේ වෙතත් කාන්තාවන්ට සහ පිරිමින්ට සමාන ඥාන ශක්තියක් පවතින බව පැවසේ.
කෙම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ මානව පරිණාමීය අධ්‍යයනය සඳහා වන ලිවර්හල්ම් මධ්‍යස්ථානයේ මාර්ටා ලාර් ප්‍රකාශ කර ඇත්තේ මිනිස් මොළය හැකිළීම ආරම්භ වී ඇත්තේ, අවුරුදු 10,000කට පෙරදී බවය.



ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට
අලුත් 2000 නෝටුවක් නිකුත් වෙයි.. (ජායාරූප සහිතයි)
මේවනේ වෙඩින්..රන් පවුම් භාගයක්…යුවලවල් 108 ක්..
“මම දුමින්ද සිල්වාට සමාව දෙනවා”දුමින්ද ඔහුගේ කර්මය කලා”හිරුණිකා කිව්ව සැර කතාව
“බින්දුවටත් පහළින් පටන් ගත්ත මම හැමදාම දැක්කේ සිහින” හිත හොඳ ගායක මනේජ් සන්ජය ජීවිතයේ ලස්සන සිහිනයක් සැබෑ වෙයි
කොන්ඩම් භාවිතය ගැන අලුත් පිටුවක් පෙරලීමට නියමිතයි..
ශලනි තාරකා මව් පදවියට සූදානමින්..මෙන්න ඇය කී දේ
රැකියා විරහිත උපාධිධාරීන්ට සුබ පණිවිඩයක්! ගුරු විභාගය ගැන දැනුම්දීමක්!
උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට ආව මවකට හදි කල 70 හැවිරිදි වෛද්‍යවරයාට අත් වූ ඉරණම
“මේකි පොල් ලෙල්ලක් ඉව්වත් රහයි” කවුරුත් දන්න ජැක්සන් ඇන්තනී කිව්ව කතාව මෙන්න
විවාහ වන වයසේ පසුවන තරුණ තරුණියන්ට බය හිතෙන අනාවරණයක්
දුම්රිය සාමාන්‍යාධීකාරී පැන්නූ හේතුව නිදහස් සේවක සංගමය කියයි