Menu

බුර්කිනා ෆාසෝ ත්‍රස්ත ප්‍රහාරයෙන් 400ට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට

1 year ago 38

බුර්කිනා ෆාසෝ හි ගම්මානයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 400 ඉක්මවූ පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බුර්කිනා ෆාසෝ හි වගාඩුගෝ අගනුවර ආසන්නයේ පිහිටි ගම්මානයකට එල්ලවූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිවිල් වැසියන් ද සිය ගණනක් මියගොස් ඇත.

එරට හමුදා ජුන්ටාව මරණ ගණන නිල වශයෙන් තහවුරු කර නැතත් වින්දිතයින්ගේ ඥාතීන්ගේ සාක්ෂි අනුව ඝාතනය වී ඇති පිරිස 400ට වැඩි බව අනාවරණ වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

හමුදාවේ අණ පරිදි මෙලෙස ඝාතනයවී ඇත්තේ ආරක්ෂිත භූගත අගල් කණිමින් සිටි පිරිසකි.

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට අනුබද්ධිත ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර සිවිල් වැසියන් ඉලක්ක කළ බවට වන චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *