Menu

මැතිවරණ පැමිණිලි 1500ය පනී

1 year ago 29

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙන පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇත.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය ජූලි 31 වැනිදා සිට ඊයේ (30) දින දක්වා ලැබී ඇති සමස්ථ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1526කි.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 08ක් සහ වෙනත් පැමිණිලි 58ක් ද වාර්තා වූ බව මැතිවරණ කොමිසම පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *