Menu

ඉන්ධන මිල ගණන් පහලට – නව මිල ගණන් මෙන්න

1 year ago 143

මාසික මිල සූත්‍රයට අදාලව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් පහල ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 332ක්වේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වී ඇත. එහි නව මිල රුපියල් 377කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු වී ඇති අතර එහි නව මිල 307ක් වනු ඇත.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 3කින් පහල ගොස් ඇත.

ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *