Menu

“දරුවා චීස් කන්න ආසයි, අරන් දෙන්න සල්ලි නැති නිසයි හොරකං කරේ” – මවක් උසාවියේ හඬා වැටෙයි

1 year ago 104

“දරුවා චීස් කන්න ආසයි. අරන් දෙන්න විදිහක් තිබුණේ නෑ. ඒකයි චීස් රෝල් දෙකක් සොරකම් කළේ. වරද පිළි ගන්නවා ස්වාමීනී”යැයි රුපියල් 1568ක් වටිනා චීස් රෝල් දෙකක් දරුවන්ට දීමට සොරකම් කළ එක් දරු මව කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය ඉදිරියේදී පසුගිය 28වනදා පැවැසුවාය.

ඇයට අධිකරණයෙන් ඇප හිමිවිය.

මෙලෙස ඇප නියමවුණේ මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි කාන්තාවකටය.

අධිකරණයට ඉදිරිපත් කෙරුණු කාන්තාව කෑගල්ල, කරඬුපන ප්‍රදේශයේ වෛද්‍යවරයකුගේ නිවෙසකට සතියකට දින කිහිපයක් ගෘහ සේවයට දරුවා සැමියාටදී පැමිණ ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

වෛද්‍යවරයාගේ නිවසට අවශ්‍ය කරන කෑම බීම රැගෙන යාමට ඉකුත් (27) වැනිදා කෑගල්ල නගරයේ සුපිරි වෙළඳසලකට පැමිණ ඇති ඇය ඳාභාණ්ඩ ගැනීමට වෙළඳසල ඇතුළත ගමන් කරමින් සිටි අවස්ථාවේ රාක්කයක අසුරා තිබුණු චීස් රෝල් තොගයක් දැක ඉන් දෙකක් කරේ එල්ලා ගෙන තිබුණු අත් බෑගයකට දමාගෙන ඇතැයි පැවසේ.

වෙළඳසලේ සී.සී.ටී.වී. කැමරා දර්ශන අනුව එහි සේවක සේවිකාවන් විසින් කාන්තාව අල්ලාගෙන කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට බාරදී ඇත.

අනතුරුව සැකකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් පොලිසිය ඇය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

නඩුව නොවැම්බර් 04 වැනිදා ට යළි කැඳවන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය චීස් රෝල් දෙක අදාළ සුපිරි වෙළඳසලට බාර දෙන ලෙස දැනුම් දුන්නාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *