Menu

ලොවක ආදරය දිනූ වේල්සයේ රෝස කුසුම “ඩයනා” නැවත උපදියි – ඇස් අදහාගත නොහැකි පුනරුප්පත්ති කතාව මෙන්න (PHOTOS)

1 year ago 679
කොළඹ දිස්ත්‍රික්කය – ශ්‍ර්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඇය ගැන මතකය අදටත් හරි සුන්දරයි.. වේල්ස්හි රෝස කුසුම, ඩයනාට කවුරුත් ආමන්ත්‍රණය කලේ ඒ ආකාරයටය.

වසර ගණනාවකට පසු ඩයනා ගැන ඇසෙන වෙනස්ම කතාවක් ගැනයි මේ සටහන.

1997 දී ඛේදජනක රිය අනතුරකින් මියගිය ඩයනා කුමරිය, අට හැවිරිදි ඔස්ට්‍රේලියානු පිරිමි ළමයෙකු වන බිලී කැම්බල් ලෙස පුනරුප්පත්තිය ලබා ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

මෙම පුනරුප්පත්තිය පිළිබඳව තොරතුරු පවසන පිරිමි ළමයා ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් වන අතර ඔහු සුප්‍රසිද්ධ ගායකයෙකු, නළුවෙකු සහ රූපවාහිනී සත්කාරක ඩේවිඩ් කැම්බල්ගේ පුත්‍රයාද වේ.

බිලීට වයස අවුරුදු දෙකේදී, ඔහු ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බව අවධාරණය කරමින් අසාමාන්‍ය ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ.

ඔහුගේ ප්‍රකාශයන් බොහෝ දෙනා මවිතයට පත් කර ඇති අතර විශේෂයෙන් ඔහු ඩයනාගේ ජීවිතය පිළිබඳ නිශ්චිත තොරතුරු බෙදාගෙන ඇති අතර එය ඔහුගේ වයසේ දරුවෙකුට එම තොරතුරු දැන ගැනීමට අපහසු බවයි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ.

බිලීගේ දෙමව්පියන් වන ඩේවිඩ් සහ ලීසා කැම්බල්, ඔවුන්ගේ පුතා ඩයනාට සම්බන්ධ සිදුවීම් සහ ස්ථාන ගැන කතා කිරීමට පටන් ගත් විට මුලදී පුදුමයට පත්ව තිබේ.

ඩයනාගේ ජීවිතය ගැන ඔහු සපයන විස්ත අනුව බිලීගේ ප්‍රකාශයන් වඩාත් කැපී පෙනෙන අතර නිදසුනක් වශයෙන්, ඔහු බි්‍රතාන්‍ය රාජකීය පවුලේ ස්කොට්ලන්ත වාසස්ථානය වන Balmoral Castle පිළිබඳ ආකර්ෂණීය දැනුමක් විස්තර කරන අතර, එය ඔහුගේ දෙමාපියන්ද මවිතයට පත්කළ කරුණක්වේ..

එමෙන්ම 1997 අගෝස්තු 31 වන දින පැරිසියේදී ඩයනාගේ ජීවිතය බිලිගත් රිය අනතුර පිළිබඳවද බිලීගේ විස්තරයද ඉතාමත් නිවැරදි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එමෙන්ම මෙම කුඩා පිරිමි දරුවාට, ඩයනාගේ පින්තූරයක් පෙන්වූ විට, ”‍ඒ මම කුමරියක් ලෙස”‍ යැයි පවසන බවද සඳහන්..

”‍එවිට එක් දිනක්, සයිරන් හඬක් ඇසුණු අතර, මම තවදුරටත් කුමරියක් නොවෙමි.”‍ පැරිසියේදී ඩයනාගේ ඛේදනීය අවසානය පිළිබඳව මෙම පිරිමි ළමයා සවිස්තරාත්මකව විස්තර කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..

වත්මන් බි්‍රතාන්‍ය ෂෂෂ චාල්ස් රජුගේ ආදරණීය පළමු බිරිඳ සහ විලියම් සහ හැරී කුමරුන්ගේ මව වන ඩයනා කුමරිය වයස අවුරුදු 36 දී දරුණු රිය අනතුරකින් ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්විය..

ඇය 1997 අගෝස්තු 31 වන දින පැරීසියේදී ජීවිතක්ෂයට පත් වූ අතර ඇය සමඟ ඇගේ සගයා වූ ඩොඩි ෆයිඩ් සහ ඔවුන්ගේ රියදුරු හෙන්රි පෝල් ද මාරක අනතුරෙන් ජීවිතක්ෂයට පත්විය..

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *