යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත විජේරත්න සියදිවි නසා ගැනීමට කලින් ලියා තිබූ පිටු පහක ලිපියෙන් මෙම සිද්ධියට වගකිවයුතු බවට චෝදනා නගා තිබූ මහනුවර කෝටිපති ව්‍යාපාරිකයාගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත් බව පොලිසිය සඳහන් කරනවා..
කෝටිපති ව්‍යාපාරිකයාට කරන ලද දැනුම්දීමක් අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කර තිබෙන ගම්පොළ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායම හමුවේ ඊයේ උදේ එකොළහට පමණ පෙනී සිට ඇති අතර එම ප්‍රශ්න කිරීම් සවස තුන දක්වා සිදු කළ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළා..
සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව එම කෝටිපති ව්‍යාපාරිකයා මුදාහළ බව පොලිසිය පවසනවා..
පිළිමතලාව ප්‍රදේශයේ ඉපැරණි වලව්වක් විකිණීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සහ මෙම කෝටිපති ව්‍යාපාරිකයා අතර ආරවුලක් තිබී ඇති අතර වලව්ව සහිත ඉඩම මතක දී කෝටි දෙකහමාරකට විකුණා ඇතත් එය කෝටි පහකට විකිණීමට බලාපොරොත්තු ව සිට ඇතැයි පරීක්ෂණවලින් තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කළා..
ලංකාදීප පුවත්පත ඇසුරෙන්..

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට
අලුත් 2000 නෝටුවක් නිකුත් වෙයි.. (ජායාරූප සහිතයි)
මේවනේ වෙඩින්..රන් පවුම් භාගයක්…යුවලවල් 108 ක්..
“මම දුමින්ද සිල්වාට සමාව දෙනවා”දුමින්ද ඔහුගේ කර්මය කලා”හිරුණිකා කිව්ව සැර කතාව
“බින්දුවටත් පහළින් පටන් ගත්ත මම හැමදාම දැක්කේ සිහින” හිත හොඳ ගායක මනේජ් සන්ජය ජීවිතයේ ලස්සන සිහිනයක් සැබෑ වෙයි
කොන්ඩම් භාවිතය ගැන අලුත් පිටුවක් පෙරලීමට නියමිතයි..
ශලනි තාරකා මව් පදවියට සූදානමින්..මෙන්න ඇය කී දේ
රැකියා විරහිත උපාධිධාරීන්ට සුබ පණිවිඩයක්! ගුරු විභාගය ගැන දැනුම්දීමක්!
උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට ආව මවකට හදි කල 70 හැවිරිදි වෛද්‍යවරයාට අත් වූ ඉරණම
“මේකි පොල් ලෙල්ලක් ඉව්වත් රහයි” කවුරුත් දන්න ජැක්සන් ඇන්තනී කිව්ව කතාව මෙන්න
විවාහ වන වයසේ පසුවන තරුණ තරුණියන්ට බය හිතෙන අනාවරණයක්
දුම්රිය සාමාන්‍යාධීකාරී පැන්නූ හේතුව නිදහස් සේවක සංගමය කියයි