Menu
හෘදය රේඛාවෙන් ප්‍රේමය ගැන කියවෙන් රහස්

හෘදය රේඛාවෙන් ප්‍රේමය ගැන කියවෙන් රහස්

1 year ago 135

අත්ලේ පිහිටි ප්‍රධාන රේඛාවන් අතරින් තවත් එක් සුවිශේෂි රේඛාවක් තමයි හෘදය රේඛාව කියන්නේ…

ඔබ දන්නවාද මේ රේඛාවෙන් ඔබේ විවාහය ගැන කියවෙනවා කියලා..

ගුරු මණ්ඩලය ප්‍රදේශයෙන් ආරම්භ වෙන හෘදය රේඛාව ශනි මණ්ඩලය, රවි මණ්ඩලය හා බුධ මණ්ඩලයට සමීපව අත්ලේ කෙළවරතෙක් විහිදෙනවා…. ඇතැම් ගුරුකුල මත අනුව මෙම රේඛාව බුධ මණ්ඩලයෙන් ආරම්භ වී ගුරු මණ්ඩලය දෙසට විහිද යතැයි සැලකෙන අතර, ගුරු, ශනි, රවි, බුධ ග්‍රහ මණ්ඩල හතරේ ශක්තින්ගෙන් මෙම රේඛාව පෝෂණය වෙනවා..

හෘදය වස්තුව සහ පෙණහලුවල ක්‍රියාකාරිත්වය සටහන් වන අත්ලේ ඇති ප්‍රධානතම රේඛාව හෘදය රේඛාව යැයි කීවොත් නිවැරදියි.. ඒ හැරෙන්නට මෙම රේඛාව මගින් ආලය, විවාහ ජීවිතය, ලිංගික ආශා, රුධිර ධාවනය, යම් යම් දේවල් නිර්මාණය කිරීමේ ඇති සහජ බුද්ධිය, ක්‍රියාකාරි හැඟීම් ගතිගුණ පිළිබඳ විශේෂ ලක්ෂණ ද පෙන්නුම් කරයි.. ඇතැම් අයගේ අත්වල හෘදය රේඛාව නොපිහිටන අතර ඔවුහු සමාජය ව්‍යවහාර කරන පරිදි හිතක් පපුවක් නැති අය ලෙස සැලකෙයි.. අනුකම්පා විරහිත, ආත්මාර්ථකාමි ගතිගුණ ඔවුන් තුළින් ප්‍රකට කරයි.. අන් අය කෙරෙහි සෙනෙහසක්, දයාවක් හෝ ඔවුන්ගේ සිත් තුළ නොමැත. එමෙන්ම ඔවුහු වඩා කෝප සහගතද වෙයි.. හොඳ හෘදය රේඛාවක් ගුරු මණ්ඩලය මැදින් ආරම්භ වී කුජ මණ්ඩලය, බුධ මණ්ඩලය අතරින් අවසාන විය යුතු යැයි සැලකේ.. එසේම ශීර්ෂ රේඛාවට ළඟින්ම හෝ ශීර්ෂ රේඛාවට බොහෝදුරින්ම හෝ නොවිය යුතුය. හෘදය රේඛාව පටන් ගැනීමේදී තියුණුව පෙනිය යුතුයි.. එසේම අවසානයේදී ද වෙනසක් නොතිබිය යුතුය. (හැරීම් කැඩීම් වැනි) එසේම මෙම රේඛාවේ පළල ගැඹුර ගැන ද සැලකිය යුතුයි.. හොඳ හෘදය රේඛාවක් පවතින විට හොඳ පෞරුෂයක්, යහපත් සෞඛ්‍ය තත්ත්වයක්, හොඳ ආකල්පයන් යන හැමදේම පවතිනවා.. හෘදය රේඛාව ප්‍රමාණයට වඩා මණ්ඩලවලට ළංව පිහිටීම ද සුබ නොවේ.. එවිට මණ්ඩලවල ශක්තිය අඩුවීමෙන් පුද්ගලයා ඊර්ෂ්‍යා සහගත බවත් දරුණු ස්වභාවයක් ඇතිවීමට ද හේතු වෙනවා… ඔවුන් බොහෝ ප්‍රේම සබඳතා ඇති කරගනී… හෘදය රේඛාව තැනින් තැන කැඩී තිබීම රුධිර ධාවනයේ විෂමතාවක් ඇති බව හෙළි කරයි.. පැළී ගිය ආකාරයේ හෘදය රේඛාවෙන් පෙන්නුම් කරන්නේ හෘදය වස්තුවේ දුර්වලතාවයක් ඇති බවයි…

හෘදය රේඛාව දෙකඩ වීම පරාජිත ප්‍රේමයක් මූර්තිමත් කරයි

හෘදය රේඛාවට සමාන්තරව තවත් එවැනිම රේඛාවක් කාගේ හෝ අතක පිහිටා ඇත්තේ නම් ඔහු හෝ ඇය ධනවත් වෙන බව හස්ත රේඛා ශාස්ත්‍රයේ කියැවේ. හෘදය රේඛාව ආරම්භයේදීම ශීර්ෂ රේඛාව හා සම්බන්ධව පැවතීම අශුභයි. අසහනයෙන් තැවෙන අයෙක් එමගින් හඳුන්වා දෙයි. හෘදය රේඛාවත් ශීර්ෂ රේඛාවත් එකට සම්බන්ධ වී එකම රේඛාවක් ලෙස විහිද යෑමත් ඒ වගේම අසුබයි. තදබල මානසික පීඩාවලට ලක්වී සදහටම දුක උරුම වූ අයෙකු එම ලකුණෙන් හඳුනාගත හැක.

හෘදය රේඛාව ගුරු මණ්ඩලයෙන් මතුවෙලා තිබීමත්, ගුරු මණ්ඩලයේ කතිර සලකුණු තිබීමත් ඉතා හොඳ පිහිටීමක්. පෙම් රජ දහනේ කිරුළු පලඳින්නට වරම් ලබන එවැන්නන්ගේ විවාහ ජීවිත ඉතාමත් වාසනාවන්ත නොබිඳෙන ආදරයක් වේ.

හෘදය රේඛාව අර්ධ කවාකාර හැඩයකින් පිහිටීම සුබ නොවේ. ඇදුම, හතිය වැනි සෙම් රෝග සෑදීමට එය හේතුවෙයි. රේඛාව පටන්

ගැනීමේදී ශාඛා දෙක තුනකට බෙදීම ද යුග දිවියේ සාර්ථකත්වය පෙන්නුම් කිරීමකි.

එමෙන්ම හෘදය රේඛාව දෙකඩ වීමත් එම රේඛාවෙන් මතුවෙන අවරෝහණ රේඛාවක් (පහළට විහිදෙන) ශීර්ෂ රේඛාව දෙසට ඇදී යෑමත් ඒ වගේම අශුභ පල දෙන්නකි. විරාජිත ප්‍රේමයක් එමගින් ප්‍රකට කරයි.

අංශභාගය වැනි ස්නායු රෝගවලට හේතුවන බැවින් හෘදය රේඛාව ගැඹුරට පිහිටා තිබීමත් සුබ නොවේ. එම රේඛාවේ කළු තිත් මගින් වකුගඩු රෝග සෑදීමේ ප්‍රවණතාවයක් ඇති බව ප්‍රකට කරයි. දම්වැල් ආකාර ලක්ෂණයෙන් පෙණහලු දුර්වල අයෙකු හඳුනාගත හැකි සේම හෘදය රේඛාවේ දූපත් සලකුණුවලින් නහරගත ආබාධවලින් පෙළෙන අයෙකු හඳුනාගත හැක.

හෘදය රේඛාව රෝස පැහැවීමත් සුබපල දෙන පිහිටීමක්. සුවිනීත ගති පැවතුම් ඇති ඔවුහු කලාවට ළැදි හදවතක් ඇති අය වෙති. හෘදය රේඛාව බුධ මණ්ඩලය දූපත් ලකුණකින් අවසාන වේ නම් එවැනි අයගේ ජීවිතය බොහෝවිට ලේ කැටි ගැසීමේ රෝගයකින් අවසන් විය හැක. කොලෙස්ටරෝල් වැඩිවීමෙන් පීඩා විඳින එවැනි ලකුණු ඇති අය වඩා සැලකිලිමත් වීම වැදගත්ය.
(දිවයින)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *