Menu

20 – 20 කාන්තා ලෝක කුසලාන කාලසටහන එළියට – අපේ කෙල්ලෝ තරඟ වදින දිනයන් මෙන්න

1 year ago 76

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20-20 කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලියට අදාළ තරග කාලසටහන ඊයේ (26) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, මෙහි මූලික තරග “ඒ” හා “බී” ලෙස කාණ්ඩ දෙකකින් සමන්විතය.

“ඒ” කාණ්ඩයෙන් වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව තරඟ වදී.

“බී” කාණ්ඩයට වත්මන් අනුශූරයන්වන දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය ඇතුළත්ව තිබේ.

තරඟාවලිය ඔක්තෝබර් මස 03 වෙනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය පාකිස්තානය සමඟින් එදින පැවැත්වේ.

කාන්තා 20-20 ලෝක කුසලානයේ 9 වන අදියර ලෙසින් මෙය බංග්ලාදේශයේ පැවැත්වීමට සැලසුම්කර තිබුණි.

නමුත් ඉකුත් දින කිහිපයේදී බංග්ලාදේශය තුළ හටගත් දේශපාලන අරාජිකත්වය හේතුවෙන් එහි සත්කාකරකත්වය බංග්ලාදේශයෙන් ඉවත්කර එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගනෙ යාමට අයිසීසීය කටයුතු කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *